25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල් සේවිකාවකට ගුටි දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

රෝහල් සේවිකාවකට ගුටි දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක නතර වී සිටින බවයි වාර්තා වන්නේ.

පෙරේදා (16) පැවැත්වූ වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව පවසා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙසේ පහර දී තිබුණා.

අද (18) අලුයම 3.00සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විස්සක පමණ පිරිසක් සේවයෙන් ඉවත්ව රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබෙනවා.