― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සිරිපා වන්දනාවේ ආ රියදුරෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සිරිපා වන්දනාවේ ආ රියදුරෙකු අත්අඩංගුවට

වන්දනාකරුවන් පිරිසක් රැගෙන ශ්‍රී පාද වන්දනාවේ වෑන් රථයකින් පැමිණි රියදුරෙකු සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු කිහිපයක් හමුව තිබෙනවා.

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ සැකකරු ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවු 45 හැවිරිදි අයෙකු වන අතර ඔහු වෑන් රථ රියදුරෙකු වශයෙන් ජීවිකාව කරගෙන යන බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු මැදමුලන ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් සමඟ ඊයේ රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණ ඇති අතර වන්දනා නඩය ශ්‍රී පාද මළුව කරා යාමෙන් පසු සැකකරු සැකකටයුතු ලෙස නල්ලතන්නිය නගරයේ සැරිසරා තිබෙනවා.

එය දුටු වෙළෙඳසැල් හිමියෙකු විසින් මේ බව ඇමතුමක් හරහා පොලීසියට දැනුම් දීඉ තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නල්ලතන්නිය පොලිසිය රියදුරා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි සැකකරුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 11 ක් සහ පන්සියයේ ව්‍යාජ නෝට්ටුවක් සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ වෑන් රථයෙන් කුලී පදනම මත පිරිසක් ප්‍රවාහනය කළ අවස්ථාවේදී තම වෑන් රථයේ ගමන් ගත් පිරිස විසින් එම මුදල් නෝට්ටු තමන්ට ලබාදුන් බවත්, එම මුදල් ව්‍යාජ නෝට්ටු බව තමන් නොදැන සිටි බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.