නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා.
ඒ අනුව පෙර පැවති වීසා ක්‍රමවේදයේ තිබූ සංකීර්ණභාවය සරල වනු ඇති බවයි ඔහු පවසන්නේ.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව VFS ආයතනය සමග ගිවිසුමකට එළඹ ඇති බවත් ඒ හරහා මිලියන 3ක 4ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.
“නව වීසා ක්‍රමවේදයක් අපි හඳුන්වා දීලා තිබෙනවා. දැන් ඒ වීසා ක්‍රමවේදය ඉදිරි සතිය දෙක තුළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම පෙර වීසා ක්‍රමයේ තිබුණු සංකීර්ණභාවය සරල කරපු එක. ඒකෙදි කලින් වීසාවක් ඇත්තටම පිටරට ඉන්න කෙනෙකුට අරගන්න වෙන්නෙ ලංකාවට ඇවිල්ලා. ලංකාවේ සංචාරක වීසාවක් නම් මාසෙකට ඇවිල්ලා මාසයක් හිටියට පස්සේ දීර්ඝ කරගන්න තමයි තිබුනේ. දැන් මේ නව වීසා ක්‍රමවේදය හරහා එහෙම නැහැ. කෙනෙකුට විදේශ රටේ ඉඳලම අදාල වීසා කාලය සම්පූර්ණයෙන්ම අපෙන් වීසාවක් විදිහට අරගෙන එන්න පුළුවන්කම මේ හරහා ලැබෙනවා. ඒ වගේම නව වීසා ක්‍රමවේද ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. Online තාක්ෂණය යටතේ වැඩ කරන අයට ලංකාවට ඇවිල්ලා ලංකාවේ නේවාසිකව ඉදගෙන වැඩකරන්න nomad නමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. ආයෝජකයන්ට විශාල වීසා ක්‍රමවේද වසර 10 පවා කාලයක් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් හදලා තියනවා. ඒත් එක්කම ඉදිරියේ දී permanent resident, නිත්‍යවාස වීසාවක් ජීවිත කාලය පුරාවටම ලබා දෙන්නත් අපි හඳුන්වා දෙන වැඩසටහන සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න අවසන් කරලා තියනවා.”