― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසරුංගල් නූලේ එල්ලී අහසේ වැඩ දාපු යාපනයේ කොල්ලා

සරුංගල් නූලේ එල්ලී අහසේ වැඩ දාපු යාපනයේ කොල්ලා

යාපනයේ, තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙක් සරුංගලයක ලණුවේ එල්ලී අඩි 80ක් පමණ ඉහළ අහසේ පියාසර කිරීමේ අපූරු පුවතක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඔහු සරුංගලයේ ලණුවේ එල්ලී තොණ්ඩමානාරු කෝවිලට ඉහළින් පියාසර කරමින් කෝවිලට නමස්කාර කොට පසුව ඒ ලණුවේ ආධාරයෙන්ම බිමට බැස ඇති බවයි.

යාපනය, තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයින් පිරිසක් යාපනයේ වැල්වෙට්ටිතුරේ පැවති සරුංගල් තරගයට ඉදිරිපත් කිරීම සඳහා අඩි 40ක් පමණ උස දැවැන්ත සරුංගලයක් නිර්මාණය කර ඇති අතර යන්ත්‍රානුසාරයෙන් එම සරුංගලය අහසට යැවීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

කෙසේනමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් එම සරුංගලය නියමිත දිනයේදී තරගයට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම තරුණයින් තොණ්ඩමානාරු කෝවිල අසළ පිට්ටනියේදී එම සරුංගලය මහජනයාට දැක ගැනීම සඳහා අහසට යැවූ අවස්ථාවේදී එක් තරුණයෙකු සරුංගලයේ ලණුව දිගේ ඉහළට ගොස් තිබෙනවා.