25.6 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංගප්පූරුවේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉන්දීය සම්භවයක් ඇති සුබ්‍රමනියම් ඊශ්වරන් 61 හැවිරිදි වියේ පසුවනවා.

ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් පසුගිය 2023 ජූලි මාසයේදී විමර්ශන ආරම්භ කළේය. පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස ඊශ්වරන්ට මාසිකව සිංගප්පූරු ඩොලර් 15,000කට වැඩි මුදලක් හිමිවිය.

සිංගප්පූරුවේ ප්‍රකට දේපොල ව්‍යාපාරියකු වන ඔන්ග් බෙන් සෙන්ග්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින් ගුවන් ගමන් යෑම, සුඛෝපබෝගී හෝටලවල නවාතැන් ගැනීම, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරග සඳහා ටිකට් පත් තෑගි ලෙස ලබා ගැනීම ආදී චෝදනා රැසක් සුබ්‍රමනියම් ඊශ්වරන්ට එල්ල වී තිබෙනවා.

කෙසේනමුත් සුබ්‍රමනියම් ඊශ්වරන් ඔහුට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.