― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකෝටි 06කට අධික ගංජා සමඟ තිදෙනෙක් අල්ලයි

කෝටි 06කට අධික ගංජා සමඟ තිදෙනෙක් අල්ලයි

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ යාල රක්ෂිතයේ දීයි.

යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 1,570ක් සහ මෙරට නිශ්පාදිත ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

යාල වන රක්ෂිතයේ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ පහසුවෙන් ළඟා වීමට නොහැකි කිලෝමීටර් 08ක් පමණ දුරින් වූ අක්කර 04කට අධික භූමි ප්‍රදේශයක මෙම ගංජා වගාව පවත්වාගෙන යමින් ඔවුන් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝනගංආර පොලීසිය මඟින් සිදු කරනු ලබයි.