― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිවසක් තුළ සඟවා තිබූ මත්පෙති 24,000 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තාල්වුපාඩු ප්‍රදේශයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පෞද්ගලික ඉඩමක පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී නිවස තුල සූක්ෂමව සඟවා තිබූ අදාල මත්පෙති තොගය සොයාගනු ලැබීය.

එහිදී උරයක බහා සඟවා තිබූ අදාල මත්පෙති තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගනවිත් මෙලෙස නිවාසේ සඟවා, පසුව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් අධික මිල ගණන්වලට විකිණීමට සැකකරු විසින් සැලසුම් කොට තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරු තාල්වුපාඩු ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු සමග අදාල මත්පෙති තොගය මන්නාරම් පොලීසිය වෙත භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.