29.5 C
Colombo
Thursday, February 29, 2024

සිහිමුර්ජා කර පුද්ගලයින් මංකොල්ල කෑ යුවළක් අත්අඩංගුවට

පුද්ගලයින් සිහිමුර්ජා කර ඔවුන් සන්තකයේ ඇති මුදල්, රන් ආභරණ ඇතුළු වටිනා ද්‍රව්‍ය සොරාගෙන පලායන යුවළක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනියම් ඇසුරක් පවතවාගෙන යන තවලන්තැන්න සහ වටවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොවුන් දෙදෙනා 46 සහ 39 යන වයස්වල පසුවන අතර සැකකාර යුවල ඊයේ (18) නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

එදිනට මොවුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ. පසුගිය දෙසැම්බර් 31 වැනිදා බණ්ඩාරවෙල, දෙමෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේදී සැකකාර යුවළ පැමිණ එම කාන්තාව සමඟ හිතවත්කමක් ගොඩනඟා ගෙන තිබෙනවා.

සැකකාර යුවළ එම කාන්තාව ආර්ථික අපහසුතාවයෙන් පෙලෙන කෙනෙකු බව හඳුනාගෙන එම පවුලට ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට සහයෝගය ලබාදෙන බව පවසා නිමි ඇඳුම් කිහිපයක් ඇයට ලබා දී ඔවුන්ගේ දුරකථන අංක ද ලබාදී ඇති බවයි හෙළිව ඇත්තේ.

එලෙස ලබාදුන් නිමි ඇඳුම් අලෙවි කිරීමෙන් පසු යළි දැනුම් දෙන ලෙස ද පවසා තිබෙනවා. අනතුරුව අදාළ කාන්තාව ලබාදුන් නිමි ඇඳුම් කිහිපයක් විකුණාන ඇඳුම් කිහිපයක් ඉතිරි වී ඇති බවට දැනුම්දීමට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුව එම සැකකාර යුවළ එහිදී පවසා ඇත්තේ ඉතිරි වූ එම රෙදි රැගෙන නුවරඑළිය නගරයට පැමිණෙන ලෙසයි.

තවත් අලෙවි කිරීමට රෙදිපිළි තොගයක් ලබාදෙන බවට ද එහිදී පවසා ඇති බව සඳහන්. ඒ අනුව අදාළ කාන්තාව සිය පුත්‍රයා ද සමඟ නුවරඑළිය නගරයට පැමිණිමෙන් පසු සැකකාර යුවළ දුරකථන ඇමතුමක් ලබා දී නුවරඑළිය පොදු වෙළෙඳසැල අසළට පැමිණෙන ලෙස පවසා තිබෙනවා.

එහිදී සැකකාර පිරිමි පුද්ගලයා අදාළ කාන්තාව සමඟ කතා බහ කරමින් සිටින අතරතුර දී ගමන් මහන්සිය නිවා ගැනීමටයැයි පවසමින් කිසියම් බීම වර්ගයක් සහ කෙටි කෑම වර්ගයක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒවා ආහාරයට ගැනීමෙන් පසු කාන්තාව සහ ඇයගේ පුත්‍රයා සිහිසුන්ව ඇති අතර යළි සිහිය පැමිණෙන විට ඔවුන් සිට ඇත්තේ නුවරඑළිය රෝහලේයි.

පොලිසිය මඟින් සිදුකළ විමර්ශනවල දී අනවරණය වී ඇත්තේ කාන්තාව සතුව තිබුණු රණ් තැල්ලක්, කරාබු ජෝඩුවක්, රන්මාලයක් ඇතුළු ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ, ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 5000ක මුදලක් සැකකාර යුවළ දොරගෙන ගොස් ඇති බවයි.

අනතුරුව අවට වෙළදසැල් කිහිපයක ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සැකකාර යුවළ හඳුනාගෙන සැකකරු පන්නිල ප්‍රදේශයේදී හා සැකකාරිය වටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ මෙවැනිම ආකාරයේ වැරදි සිදුකිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට මාස 03කට පෙර නිදහස්ව පැමිණි බවයි.

සැකකරුට සහ සැකකාරිණියට එරෙහිව මහනුවර, යාපනය, බණ්ඩාරවෙල, ජාඇල, කුරුණෑගල සහ හැටන් යන පොලිස් ස්ථානවල ද පෙර වැරදි සටහන් වී ඇති බව පොලිසිය සඳහන් කළා.

Latest

බස් රථ 02කට මැදි වූ ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකට මැදි වීමෙන් ත්‍රිරෝද...

රනිල් තනියෙන් එනවා නම් හොඳයි – ප්‍රසන්න

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එන්නේ නම් වඩා හොඳ බවත්...

ඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලීසිය...

මෛත්‍රීට නිවසක් ලබාදීමේ තීරණය බලරහිත කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි...

Don't miss

රනිල් තනියෙන් එනවා නම් හොඳයි – ප්‍රසන්න

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එන්නේ නම් වඩා හොඳ බවත්...

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

බස් රථ 02කට මැදි වූ ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට

ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකට මැදි වීමෙන් ත්‍රිරෝද රථ රියදුරෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (29) උදෑසන දෙහිවල ගුවන් පාලම අසළදී...

රනිල් තනියෙන් එනවා නම් හොඳයි – ප්‍රසන්න

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එන්නේ නම් වඩා හොඳ බවත් එවිට බය නැතිව වැඩ කිරීමට හැකි බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා...

ඔක්කම්පිටියේ නාඳුනන මළ සිරුරක්

ඔක්කම්පිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබෙනවා. පොලීසිය පැවසුවේ බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මාළිගාවිල කළුගල්කටාන ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here