32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ගෙන එනු ලබන නව නීති සහ රෙගුලාසි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයෙන් විනිවිදභාවය ආරක්ෂා කරමින් ගෙන එන ලබන බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche හමු වූ අවස්ථාවේදීය.

ලෝකයේ රටවල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ එහිදී අදහස් හුවමාරු කර ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ කාර්යය වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා පසුගිය කාලය තුළ ගෙන එන ලද නව නීති සහ රෙගුලාසි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අධිකරණ ඇමතිවරයා පූර්ණ විනිවිදභාවයෙන් සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි ආකාරයට සියලු දෙනාගේ අදහස හා යෝජනා ලබා ගනිමින් එම නීති සම්පාදනය කළ ආකාරය පැහැදිලි කළේය.

එසේම ඉදිරියේදීද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.