27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ අවදානම් ගොඩනැගිලි ඉවත් කිරීමේ තීරණයක්

කොළඹ අවදානම් ගොඩනැගිලි ඉවත් කිරීමේ තීරණයක්

කොළඹ නගර සභා සීමාව තුළ අවදානම් මට්ටමේ පවතින ගොඩනැගිලි 08ක් ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයේ මහල් නිවාස 06ක් ඇතුළු ගොඩනැගිලි 08ක් අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් කඩිනමින් අලුත්වැඩියා කිරීමට හෝ කඩා ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මේ බව පැවසුවේ කොළඹ නගරය ආශ්‍රිත ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඒ අනුව ඛෙත්තාරාම බාරොන් ජයතිලක විද්‍යාල ගොඩනැගිල්ල, ජුම්මා මස්ජීද් පාරේ නිවාස, තිඹිරිගස්යාය අභයාරාම තෙමහල් නිවාස ඇතුළු මහල් නිවාස සංකීර්ණ 06ක් අවදානම් ගොඩනැගිලි ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම කොළඹ නගරයේ ගංවතුර ගැටලුවට ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුනාගෙන ඇති ඇල මාර්ග අවහිර වන පරිදි ඉදිකර ඇති නිවාස ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.