32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචීන තානාපති හා කථානායක අතර හමුවක්

චීන තානාපති හා කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන් (Qi Zhenhong) අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන හමු වී තිබෙනවා.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

මෙහිදී චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ෂාඕ ලෙජිගේ (Zhao Leji) නව වසරේ සුබ පැතුම් පණිවිඩය චීන තානාපතිවරයා විසින් කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

එසේම දෙපාර්ශ්වය අතර සාකච්ඡාව පැවති සාකච්ඡාවේදී ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාදෙන සහයෝගය අගය කරන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කළා.

තවද රජයක් ලෙස ශ්‍රී ලංකාව සෑම විටම ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය පිළිගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී සඳහන් කළේ.

මෙයට අමතරව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.