ණය වාරිකය ගෙවා ගත නොහැකිව ගෙවත්තේ ගසක එල්ලී පුද්ගලයෙක් සියදිවි නසාගැනීමේ පුවතක් දඹුල්ල, මාගන්දන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල, මාගන්දන පදිංචි වයස අවුරුදු 36ක දෙදරු පියෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු පෞද්ගලික මූල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ණයට ලබා ගෙන ඇති අතර මාසික වශයෙන් රුපියල් 34,000ක මුදලක් දීමට පොරොන්දු වී ඇති බවයි.
කෙසේනමුත් මේ දිනවට මෙරට පවතින ආර්ථික අර්බුදුදය හේතුවෙන් ඔහුට එම මුදල් ගෙවා ගත නොහැකිව ඔහු සිත් තැවුලෙන් පසු වී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ව්‍යාපාරික කටයුතු අඩාල වීම හේතුවෙන් ඔහුට මෙම ණය මුදල ගෙවා ගත නොහැකි වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
වාරික කිහිපයක් ගෙවීමට නොහැකි වීමෙන් එම පුද්ගලයා ණය ලබාගත් මූල්‍ය ආයතනය හා ණය ඇපකරුවන් නිතර නිතර ණය මුදල ගෙවන ලෙස ඔහුට කරදර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.