27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථ රියදුරු හෙරොයින් සමඟ මාට්ටු

බස් රථ රියදුරු හෙරොයින් සමඟ මාට්ටු

කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී හෙරොයින් පාර්සලයක් හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස හමු වූ හෙරොයින් පාර්සලයේ හෙරොයින් ග්‍රෑම් 143ක් අඩංගු වී තිබූ බවයි.

මහව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඇල්ල ප්‍රදේශයේදි එම බස් රථය පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේ බස් රථයේ රියැදුරු අසුන අසළ කුඩා පාර්සලයක් තිබී ඇති අතර එය තම බත් පාර්සලය බවට රියදුරු ප්‍රකාශ කළ ද පොලීසිය එය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම හෙරොයින් හමු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර 43 හැවිරිදි එම පුද්ගලයා රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා අද මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.