26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලදිවයින් කථානායක හා අගමැති අතර හමුවක්

මාලදිවයින් කථානායක හා අගමැති අතර හමුවක්

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (18) අරලියගහ මන්දිරයේ දී සිදු වුණා.

කිසි දිනක පලුදු නොවූ දෙරට අතර අනාදිමත් කාලයක සිට තිබූ සම්බන්ධතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා මෙහි දී ස්මරණය කළා.

මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයින් දක්වන බුද්ධිමය දායකත්වය පිළිබඳව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

ඒ බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවය කිරීමයි.

මාලදිවයින් ආයෝජනවලින් 10%ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව කථානායකවරයා පැවසුවා.

ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බව ද මාලදිවයින් කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කාදර් මස්ථාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය එක්ව සිටියා.