27.2 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුලතිව් වෙරළේ නාඳුනන මළ සිරුරක්

මුලතිව් වෙරළේ නාඳුනන මළ සිරුරක්

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට අද (19) උදෑසන මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ මළ සිරුර හදුනාගැනීමට නොහැකි වන ලෙසට නරක් වී තිබූ බවයි.

මළ සිරුර සමඟ ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කරන උපකරණ කිහිපයක්ද හමු වී තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ ධීවර යාත්‍රාවක් කිසියම් අනතුරකට ලක්ව මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් එලෙස ගොඩගසන්න ඇති බවත්, අදාළ මළ සිරුර ඉන්දියානු ධීවරයෙකුගේ විය හැකි බවත්ය.

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.