― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමෙරට ගොවිපොළවල් 14000කට වඩා වැසී ගිහින්

මෙරට ගොවිපොළවල් 14000කට වඩා වැසී ගිහින්

මේ වනවිට මෙරට ගොවිපොළවල් 14000කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී කෝපා කමිටුව සඳහන් කළේ සත්ත්වයින් සොරකම් කිරීම නිසා කුඩා පරිමාණ ගොවියන් කලකිරීම හේතුවෙන් පමණක් ගොවිපොළවල් වැසී යන්නේ යැයි පැවසීම පිළිගත නොහැකි බවයි.

ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රිත ගැටලුද මේ සඳහා හේතුවී ඇති බව මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළා. මේ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බවත් කෝපා කමිටුව සඳහන් කර තිබෙනවා.

එසේම පවතින දත්ත යාවත්කාලීන කර ගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී කමිටුව අවධාරණය කළා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2023 වසරේ ජූලි 06 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මේ සඳහා කමිටුවේ ආරාධනයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද සම්බන්ධ වී තිබූ අතර මෙරට දේශීය කිරි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මිල්කෝ සමාගමට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

එසේම පසුගිය කමිටු වාරයේදී සාකච්ඡා වූ කිරි නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එම ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් අතර එය අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කර ඇති බවයි.

එසේම ඉඔුලදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන් 104ක් මේ වන විට මිය යාම පිළිබඳව ද මෙහිදී කමිටුව අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය කමිටු අවස්ථාවේදී ද මේ පිළිබඳ සාකච්ඡා වීම හේතුවෙන් වර්තමානයේ මෙම එළුවන් ක්ෂේත්‍රයට මුදාහැරීම පිළිබඳ ප්‍රගතිය විමසනු ලැබුවා. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මාසයක් පමණ ඇතුළත මෙම ඉතිරි සත්ත්වයින් ක්ෂේත්‍රයට මුදාහැරීමට සූදානම් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද මෙහිදී කමිටු සභාපතිවරයා නිර්දේශ කර තිබෙනවා. කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා.