― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsරියදුරු බලපත්‍රයක් ගන්න අට ලක්ෂයක් පෝලිමේ

රියදුරු බලපත්‍රයක් ගන්න අට ලක්ෂයක් පෝලිමේ

රියදුරු බලපත්‍ර 865,000ක් මුද්‍රණය කර ලබා දීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

මුද්‍රණය අඩාලවීමෙන් මෙලෙස රියදුරු බලපත්‍ර ගොඩ ගැසී ඇති බවත් ඔක්තෝබර් මාසය වනවිට එම ගැටලුව නිරාකරණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත්ව ඇති ඉල්ලුම්කරුවන්ට දැනට තාවකාලික කුවිතාන්සියක් නිකුත් කර තිබෙන බවයි රාජ්‍ය ඇමතිවරයා එහිදී සඳහන් කළේ.

මෙම රියදුරු බලපත්‍ර කඩිනමින් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රය තුළ පෞද්ගලික අංශය සමඟ සම්බන්ධවී අලුතින් යන්ත්‍ර තුනක් ස්ථාපනය කළ බවත් එමඟින් දැනට දෛනිකව රියැදුරු බලපත්‍ර 4,000ක් පමණ මුද්‍රණය කරමින් සිටින බවත් ඔහු අවධාරණය කළේය.

කෙසේනමුත් දැනට කාඩ් නිකුත් නොකළ අට ලක්ෂය තුළ විදේශගත වීමට හෝ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමට සිටින අයට රියදුරු බලපත්‍රය ලබා දීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.