29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි සැර වැදී නවදරු පියෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී නවදරු පියෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මොරගොඩ පොලිස් වසමේ 76 හැවිරිදි නව දරු පියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, මෛත්‍රීගම, පඩිකාරමඩුව පදිංචි වයස අවුරුදු 76ක් වන ඊ.ඒ. නන්දසේන නැමති දරුවන් නව දෙනෙකුගේ පියෙකි.

තම නිවසේ විදුලි බල්බයක් මාරු කිරීමට යාමේදී වයරයේ කාන්දුවක් ඇති ස්ථානයක් අතේ දැවටීමෙන් මොහුට විදුලි සැර වැදී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුව නිවැසියන් විසින් විදුලි සැර වැදුණු පුද්ගලයා යකල්ල, හුරුලුවැව ප්‍රාදේශීය රෝහලට රැගෙනවිත් තිබෙනවා.

එම පුද්ගලයා රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි අප කළ විමසීමකදී යකල්ල රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ. ඊයේ (18) සවස යකල්ල, හුරුළුවැව ප්‍රාදේශීය රෝහල් මෘත ශරීරාගාරයේදී මිය ගිය තැනැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කළ අතර විදුලි සැර වැදීම හේතුවෙන් පුද්ගලයා මියගිය බව තහවුරු කරගෙන තිබේ.

පොලීසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදුලි සැර වදින අවස්ථාවේ නිවසේ ප්‍රධාන විදුලි පරිපථයේ ට්‍රිප් ස්විචය නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් විදුලි විසන්ධි වීමක් සිදු නොවී ඇති බවයි.