29 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවාගේ මරණය සම්බන්ධයෙන් මවුලවි යළි රිමාන්ඩ්

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මවුලවි යළි රිමාන්ඩ්

මද්‍රාසා පාසල් සිසුවාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවුලවිවරයා පෙබරවාරි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊට අදාළ නඩුව ඊයේ (18) කල්මුණේ අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගත් අතර විපතට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇතුළු සෙසු පාර්ශ්වවල ගැටලු විභාග කළ විනිසුරුවරයා නියෝග කළේ මවුලවිවරයා දවස් 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසයි.

සිද්ධිය වූ දින මද්‍රාසා පාසලේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ ගබඩා කර තිබූ වීඩියෝ දර්ශන සැකකාර මවුලවිගේ නියෝගය මත විනාශ කිරීම පිළිබඳවද අධිකරණයේ අවධානයට යොමු කර තිබෙනවා.

විනාශ කළ බව කියන වීඩියෝ දර්ශන රජයේ රසායනික විශ්ලේෂණ සඳහා යවා නැවත ලබා ගැනීම පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස විනිසුරුවරයා මොරටු විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත.

එම විනාශ කළ වීඩියෝ දර්ශන අද අධිකරණයේදී සොයා ගෙන ඇති බව අධිකරණයට දැනුම් දුන් අතර ඊට අදාළ දේශන අධිකරණයට ඉදිරිපත් කර CCTV වීඩියෝ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇත.