31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ අධි මාත්‍රාවක් ගත් සරසවි ඇදුරා ජීවිතක්ෂයට

ඖෂධ අධි මාත්‍රාවක් ගත් සරසවි ඇදුරා ජීවිතක්ෂයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරයෙකු අද (22) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීම හේතුවෙනුයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවසක බිරිඳ සමඟ පදිංචිව සිට ඇති මහාචාර්වරයා අද (22) අලුයම 1.00 ට පමණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මරණයට හේතුව සම්බන්ධයෙන් ස්ථිර ප්‍රකාශයක් කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බවයි පොලීසිය පවසන්නේ.

මරණය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙම මහාචාර්යවරයා මානසික ආතතිය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවයි වාර්තා වන්නේ.