25 C
Colombo
Thursday, February 29, 2024

කොළඹ රථවාහන වැරදි සොයන CCTV මෙහෙයුම් අද සිට

කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් CCTV දර්ශන උපයෝගී කර ගනිමින් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (22) සිට ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව කොළඹ නගර තුළ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දඩ පත්‍රිකාව ලැබෙන්නට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම දුර බැහැර ප්‍රදේශයක සිට කොළඹ නගරයට පැමිණෙන රියදුරෙක් මාර්ග නීති උල්ලංඝනය කරමින් රථවාහන වැරදි සිදුකළ ඇත්නම් ඔවුන්ට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේම පොලිසිය හරහා සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ක්‍රමවේදය යටතේ අද (22) දිනයේ සිට කොළඹට ඇතුළු වන වාහන CCTV කැමරා 108 කින් නිරීක්ෂණයට ලක් කෙරෙනවා. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (22) දිනයේ සිට ලබන 31 වනදා දක්වා මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව කොළඹ නගරයට ඇතුළුවන ස්ථාන 09ක දැනුම්වත් කිරීමේ පුවරු සවි කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

Latest

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයෙකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින්...

රත්තරන් මිල තවත් පහළට

මෙරට රත්තරන් මිල අද (28) දිනයේදී තවදුරටත් පහළ ගොස්...

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

Don't miss

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදනවා

පොලිස් බලතලවලට අත නොතබා බලය බෙදීමට කටයුතු කරන බවත්...

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට

ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයෙකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදි විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන ග්‍රෙන්ගල් වතුයායේ පදිංචි 55...

මෙරට නිල සංචිත වත්කම් ඉහළට

ජනවාරි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන...

රත්තරන් මිල තවත් පහළට

මෙරට රත්තරන් මිල අද (28) දිනයේදී තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 178,600ක්, කැරට් 22 රන් පවුමක් රුපියල්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here