― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්

ජනපති හා එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් අතර හමුවක් ඊයේ (21) පවත්වා තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන ‘G77 සහ චීනය’ කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව අතරතුරදීයි.

මෙම සමුළුව අතරතුරදී ජනාධිපතිවරයා තවත් රාජ්‍ය නායකයින් රැසක් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා සහ පලස්තීනයේ විදේශ කටයුතු හා සංක්‍රමණිකයින් පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියාද් මල්කි අතර හමුවක්ද ඊයේ පැවැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ගාසා තීරයේ අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවදානයක් යොමු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ඊශ්‍රායල – හමාස් ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

ගැටුම් නවත්වා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා වසර 05ක් ඇතුළත පලස්තීන රාජ්‍යය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ යෝජනාව බවද එහිදී පවසා තිබෙනවා.