― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබෙලිඅත්තේ වෙඩි තැබීමක් - 05ක් ජීවිතක්ෂයට

බෙලිඅත්තේ වෙඩි තැබීමක් – 05ක් ජීවිතක්ෂයට

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද උදෑසන 8.30 ත් 8.40ත් අතර කාලයේදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.