මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සළිඳුගේ බැංකු ගිණුම් පිළිබඳව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් බැංකු ගිණුම් 48 ක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
එමෙන්ම වසර තුනක් ඇතුළත රුපියල් කෝටි 106 ක් එම ගිණුම්වල සංසරණය වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.
Cඓඪ් ය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කුඩු සළිදු සතුව සුඛෝපබෝගී වාහන 79 ක් තිබෙන බවත් ඒවායේ අංක තහඩු වෙනස් කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවත්ය.