27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹුල්ලේ එළවළු මිල පල්ලම් බහී

දඹුල්ලේ එළවළු මිල පල්ලම් බහී

පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබෙන බව වෙළෙඳුන් පවසනවා.

ඒ අනුව අද (22) අලුයම වන විට සැලකිය යුතු මට්ටමින් එළවළු මිල පහත වැටී ඇති බවත් එළවළු මිලදී ගැනීම සඳහා තවමත් වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

ගෝවා 350 – 380, ලීක්ස් 250 – 300, කැරට් 600 – 900, තක්කාලි 350 – 400, රාබු 70 – 80, කැකිරි 100 – 110, පිපිඤ්ඤා 60 – 65, වැටකොලු 300 – 320, බණ්ඩක්කා 250 – 300, පතෝල 250 – 300, කරවිල 300 – 350, වට්ටක්කා 90 – 100, වම්බටු 400 – 480, එල බටු 400 – 450, දඹල 320 – 350, මෑ කරල් 250 – 300, දෙහි 130 – 150, අමු මිරිස් 500 – 600ක් හා මාළු මිරිස් 700 – 750 අතර මිලකට අලෙවි වී තිබෙනවා.