29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමඩොල්සිම 13 හැවිරිදි දරුවෙක් අතුරුදන්

මඩොල්සිම 13 හැවිරිදි දරුවෙක් අතුරුදන්

මඩොල්සිම පොලිස් වසමේ පදිංචිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙකු අතුරුදන් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දරුවාගේ මිත්තණිය මඩොල්සිම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු පසුගිය 16 වැනිදා සිට අතුරුදන්ව ඇති බවයි මඩොල්සිම පොලිසිය පැවසුවේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදන් වූ පිරිමි ළමයා මඩොල්සිම, රොබෙරි වත්තේ ලැයිම් නිවසක ඔහුගේ මිත්තණිය සමඟ ජීවත් වූ විජේකාන්ත් සසිදරන් නැමැත්තා ලෙස හඳුනාගෙන ඇති බවයි.

පසුගිය 16 වැනිදා මෙම පිරිමි ළමයා දහම් පාසලේ වැඩකටයුත්තක් සඳහා පිටත්ව ගියද නැවත නිවසට නොපැමිණි බවත් මේ දක්වා පිරිමි ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් පොලීසිය සඳහන් කළේය.

එබැවින් පහත ඡායාරූපයේ දැක්වෙන දරුවා පිළිබඳව ඔබට කිසියම් තොරතුරක් ඇත්නම් හෝ ඔහු දුටුවහොත් පහත දුරකථන අංකයට අමතන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

දුරකථන අංක

0718591514

0757845006

0552263822