29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිශ්ව බුද්ධ 26 දක්වා රිමාන්ඩ්

විශ්ව බුද්ධ 26 දක්වා රිමාන්ඩ්

බුදු දහමට නිගාවන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලය වෙත මුදාහැරීමේ චෝදනාව මත ‘විශ්ව බුද්ධ’ හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමින් පෙනී සිටි චීවරධාරියා ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටියදීයි.

භික්ෂුන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව රැසක් මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිලු සැලකිල්ලට ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

පසුගිය දෙසැම්බර් 12 වැනිදා මොහු අත්අඩංගුවට ගනු ලැබූ අතර ජනවාරි 09 වැනිදා ඔහු ඇප මත මුදා හැරුණා.

මොහු වරෙක ගිහියෙකු ලෙසත්, වරෙක සිවුරක් දරා ගනිමින් විශ්ව බුද්ධි මුනි ලෙසත් පෙනී සිටිමින් බුදු දහමට නිගා වන වීඩියෝ සහ ප්‍රකාශ අන්ත්‍රජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙනුයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙලෙස ඇප මත මුදා හැර සිටියදී යළිත් වරක් බුදු දහමට නිගා වන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මොහුට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කලගෙඩිහේන ප්‍රදේශයේදී නැවත ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මොහු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.