26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News58 හැවිරිදි සේවිකාවකට හදි කළ කළමනාකරු අල්ලයි

58 හැවිරිදි සේවිකාවකට හදි කළ කළමනාකරු අල්ලයි

උලපනේ උලපනාවත්ත, පල්ලේගම තේ කර්මාන්තශාලාවේ සේවිකාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ එහි කළමණාකාරවරයා ගම්පොළ ඇත්ගාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැව්සුවේ 43 හැවිරිදි මෙම කළමනාකාරවරයා දෙදරු පියෙකු බවයි.

අලුයම රාජකාරී සඳහා කළමනාකරු ඇගේ නිවසේ සිට වෑන් රථයකින් රාත්‍රී දෙකයි තිහට රැගෙන එමින් සිටියදී වෑන් රථය පාළු ස්ථානයක නවතා ඇයට අතවර කිරීමට උත්සාහ දරා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ලිංගික හිංසනයට ලක්වූ 58 හැවිරිදි මෙම කාන්තාව රැය පහන් වනතුරු සිට උදෑසන මේ බව ඇත්ගාල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර
ඒ අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට ඇප නියම කර තිබෙනවා.

මීට අදාළ නඩු විභාගය මාර්තු 11 වැනිදාට කල් තබා තිබෙනවා.