― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsIMF දෙවන සමාලෝචනය මාර්තු මාසයේ

IMF දෙවන සමාලෝචනය මාර්තු මාසයේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම එහිදී රාජ්‍ය අජාමත්‍යවරයා අවධාරණය කළේ ඉහළ දැමූ වැට් බදු අය කරන ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්යෙන්ම බදු ලියාපදිංචි අංකය ලබාගැනීමට කටයුතු කරන බවයි.

ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා ඒ ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.