27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsVAT බද්දෙන් නිදහස් වෙළඳසැල් දිවයින පුරා අරඹනවා

VAT බද්දෙන් නිදහස් වෙළඳසැල් දිවයින පුරා අරඹනවා

දිවයින පුරා VAT බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළඳසැල් විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙයින් පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව පවතින බවයි.

එළවලු, ළදරු කිරිපිටි, පළතුරු සහ සහල් ආදී VAT බදු අය නොවන භාණ්ඩ රාශියක් පවතින බවත් එම VAT බදු අය නොවන භාණ්ඩ සඳහා පමණක් වෙළඳසැල් ජාලයක් රට පුරා පිහිටුවීමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.