― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමෙරට උද්ධමනය ගැන අනතුරු ඇඟවීමක්

මෙරට උද්ධමනය ගැන අනතුරු ඇඟවීමක්

ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැට් බද්ද සහ අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස උද්ධමනය ඉහළ යා හැකි බවයි මහබැංකු අධිපතිවරයා පවසන්නේ.

කෙසේනමුත් මෙරට උද්ධමනය ඉදිරියේදී සියයට 4 ත් 6 ත් අතර සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් මේ අවස්ථාවේදී වෙළෙඳපොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසීමට අවස්ථාවදී ඇති බවත් මහබැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේය.