― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඅපිට ‌කිසිම පක්ෂයක් අභියෝගයක් නෙවෙයි - නාමල්

අපිට ‌කිසිම පක්ෂයක් අභියෝගයක් නෙවෙයි – නාමල්

තමන්ට ‌දේශපාලන පක්ෂවත්, පුද්ගලයින්වත් කිසිම අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බංකොලොත් දේශපාලන පක්ෂ විවිධ දෑ සිදු කළත් තම පාක්ෂිකයන් සමග ගමට යන බවයි.

අපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති නැතිවෙන කොට හූ කියන එක තමයි කරන්නේ. අපි ගමට ඒන්නැති වෙයි කියලා ඒ් අය බලාප‌ොරොත්තු වෙනවා. අපිට චෝදනා ඒනවා. මොනවා වුණත් අපේ පාක්ෂිකයෝ ඒක්ක ගමට යනවා.

ගෙවල් ගිනි තියලා අත්අඩංගුවට ගත්තේ ජවිපේ අයයි සජබෙ අයයි. යම් කෙනෙක් හොඳට ජීවත් වෙනවා නම් ඒ අය විරුද්ධයි. අපිට ‌දේශපාලන පක්ෂවත් පුද්ගලයොත් අභියෝගයක් නෙමෙයි”