26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවාස ඔප්පු වැඩසටහනට කැබිනට් අනුමැතිය

නිවාස ඔප්පු වැඩසටහනට කැබිනට් අනුමැතිය

නිවාස හිමිකම් ඔප්පු 50,000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මෙම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණ ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අතර හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැය යෝජනා යටතේ මෙම නිවාස හිමිකම් ඔප්පු දෙනු ඇති.

හිමිකම් ඔප්පු ලබාදීමේදී නිවාස හිමියන්ට ඒ සඳහා දැරිය යුතු වන නොතාරිස් ගාස්තු, මුද්ල ගාස්තු හා වෙනත් බදු සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරය මඟින් දැරීමට නියමිත බවයි අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර ඇත්තේ.