26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැක්ස්වෙල් රෝහල්ගත කරයි

මැක්ස්වෙල් රෝහල්ගත කරයි

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මත්පැන් සම්බන්ධ සිද්ධියකින් පසු රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මැක්ස්වෙල් ඇඩිලේඩ් හි රෝහලක් වෙත මෙලෙස ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. ඔහු රෝහල් ගත කිරීමට හේතුව කුමක් ද යන්න නිශ්චිතව ම නොදන්නා අතර, ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට අනුව, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

පසුගිය 19 වනදා ඔහු වැටී සිහිය නැති වූ පසුව මෙලෙස ගිලන් රථයකින් රෝහල් ගතකර ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින සංචිතයට නම් නොකළ මැක්ස්වෙල්, පසුගිය 19 වනදා රාත්‍රියේ සික්ස් ඇන්ඩ් අවුට් ප්‍රසංගයකට සහභාගී වී සිටි බවයි වාර්තා වුණේ.

එම ප්‍රසංගයේ දී ඔහු මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ. සික්ස් ඇන්ඩ් අවුට් යනු හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී සහ තවත් අයගෙන් සමන්විත සංගීත කණ්ඩායමක්.