― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරජයේ වෛද්‍යවරුන් හෙට සිට වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍යවරුන් හෙට සිට වැඩ වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් ලබාදීමට තීරණය කර ඇති DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කිරීමත් සමඟ මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි එම සංගමය පවසන්නේ.

වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව අද (23) නිවේදනයක් නිකුත් කළා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කරගන්නා තෙක් මෙම ගෙවීම තාවකාලිකව නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.