― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබයි

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබයි

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එම ආයතනය සේවක ප්‍රසාද දීමනා ගෙවමින් කාරක ප්‍රාග්ධනය තමන් විසින් ම ගොඩනගා ගන්නා මට්ටමට වර්තමානයේ වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාඩු ලබන ආයතනයක් ලෙස හඳුනාගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේඛනයට ඇතුළත් කර තිබූ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඉහළ කළමණාකාරීත්වයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකරමින් වගකීම් නිසියාකාරව පැවරීම තුළින් ඉතා පහසුවෙන් මේ තත්ත්වය අත්පත් කරගත හැකි වූ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ පසුගියදා පැවැති උත්සව අවස්ථාවකට එක් වෙමින්.

වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ සියලු‍ ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඒකාබද්ධ කර පවරා ගැනීම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම සාර්ථකත්වයට ප්‍රධාන රුකුලක් වූ බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා එමගින් පාසල් පෙළ පොත් මුද්‍රණය කර නිසි කලට දරුවන් අතට පත් කීරීමේ ගැටලු‍ නිරාකරණය කරගැනීමටත් ඒවා මුද්‍රණයට භාර දී අවශ්‍ය සහයෝගය ලබා දීමට මැදිහත් වීම තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙවැනි සාධනීය මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් හැකි වූ බව ද ප්‍රකාශ කළා.

ඒ අනුව මේ ප්‍රවණාතව තව දුරටත් වර්ධනය කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නව තරගකාරී ආයෝජන වෙත ප්‍රවිශ්ඨ විය යුතු බව දඔහු පෙන්වා දුන්නා.

ආයතනය කෙටි කලක් තුළ මෙම සාධනීය මට්ටම දක්වා වර්ධනය කිරීමට වගකීම් උසුලමින් දායක වූ ප්‍රසාදලාභී සේවක මඬුල්ල ඇගයීමට ලක් කිරීමද මෙහි දී සිදුවුණා.