අලුතින් වාහන මිලදී ගෙන ලියාපදිංචි නොකර ඒවා භාවිත කරන්නන්ට දඩ නියම කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
වාහන මිලදී ගෙන දින 14ක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය.
විකුණුම්කරුවන් විසින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත සිය වාහනය විකුණා ඇති බවට දැනුම්දී ඇති රථවාහන නැවත ලියාපදිංචි කිරීමට යාමේදී මිලදීගෙන දින 14ක කාලය ඉකුත් වූ රථවාහන සඳහා දඩ මුදලක් අයකෙරෙන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් අනුරුද්ධ වීරසිංහ පවසයි.