― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsසිසුවෙකුට හදි කළ කොස්තාපල්ට වසර 40ක සිර දඬුවම්

සිසුවෙකුට හදි කළ කොස්තාපල්ට වසර 40ක සිර දඬුවම්

බාලවයස්කාර පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට වසර හතළිහක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

වයස අවුරුදු නවයක පාසල් සිසුවෙක් අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා දෙකක් ලබා සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුටයි මෙම සිර දඬුවම නියම කර ඇත්තේ.

මෙම අධි චෝදනා දෙකටම ඔහු වරදකරු බවට තීන්දු කළ මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය විසින් මෙම සිර දඬුවම නියම කර තිබෙනවා.

විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අදාළ නව හැවිරිදි පාසල් සිසුවා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරතුරදී බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම පැමිණිලිකාර වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය හතළිස් වසරක සිර දඬුවම වසර විස්සක් තුළදී එකවර ගෙවී යා යුතු බවටත් නියෝග කර තිබෙනවා.

එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියහොත් විත්තිකරුට තවත් දෙවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම වන අතර මෙම සිර දඬුවමට අමතරව රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසත් විත්තිකරුට නියෝග කර තිබෙනවා.