― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsහරීන් හා මනූෂගේ පෙත්සම් විභාගය කල් යයි

හරීන් හා මනූෂගේ පෙත්සම් විභාගය කල් යයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතිවිරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව අද (22) දින කල් තැබුවා.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත පැවරීතිබෙන බව අවධාරණය කළා.

විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා වෙත පැවරී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කර සිටියා.

එසේම තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අසමත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

සිය සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර සාධාරණ විභාගයක් ලබා දීමට සමගි ජන බලවේගයේ විනය කමිටුව අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් වග උත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් තර්ක කර සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළ අතර මෙම එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල්තැබුවා.