― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot NewsCCTV මෙහෙයුමෙන් වැරදි කළ රියදුරන් 125කට අවවාද

CCTV මෙහෙයුමෙන් වැරදි කළ රියදුරන් 125කට අවවාද

කොළඹ නගරය තුළ රථවාහන වැරදි කරනු ලබන රියදුරන් සී.සී.ටී.වී. කැමරා පද්ධතිය මඟින් හඳුනාගන්නා නියමු ව්‍යාපෘතිය ඊයේ (22) ආරම්භ වුණා.

එහිදී ඊයේ (22) රථවාහන වැරදි සිදුකළ රියදුරන් 125 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ට අවවාද කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ මෙහිදී හඳුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වූ බවයි.

කෙසේ වෙතත් මෙලෙස හඳුනාගනු ලබන රියදුරන්ට ඔවුන් සිදුකළ වැරදි සඳහා ඉදිරියේ දී දඩ පත්‍රිකා නිකුත් කිරීමට නියමිතයි.