― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅවලෝකිතේෂ්වර බෝධිසත්ව යළි රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර බෝධිසත්ව යළි රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර බෝධිසත්ව ලෙස පෙනී සිටි පුද්ගලයා ලබන 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබාදුන්නේ.

එහිදී මෙම සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබුණා.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසටයි නියෝග කර ඇත්තේ.