31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව අසළ ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තුව අසළ ආරක්ෂාව තර කර තිබෙනවා.

පිවිසුම අසළට පොලීසිය විසින් ජල බවුසර්ද රැගෙනවිත් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමය පොල්දූව වටරවුමේ අද සංවිධාන කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසළ අද විරෝධතාවක් පැවැත්වුණා.

පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇති වන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් සමාජවාදී තරුණ සංගමයට වාරණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණය වැළැක්වීමේ වාරණයක් නිකුත් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අද පෙරවරුවේ පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසලට රැස් වූ සමාජ ක්‍රියාකාරීන් විසින් විරෝධතාවක් පවත්වනු ලැබුවා.