― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsඔන්ලයින් පනතෙන් භාෂණයේ නිදහසට හානියක් නැහැ

ඔන්ලයින් පනතෙන් භාෂණයේ නිදහසට හානියක් නැහැ

ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආසියාවේ සියලුම රටවල් පාහේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, අනාගතය සුරක්ෂිත වන පරිදි නීති රීති සම්මත කර තිබෙන බවත් ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත් කිරීමට නම් බෙදීමකින් තොරව ඔන්ලයින් පනතට සහය දිය යුතු බවත්ය.

ගමේ මරණ දැන්වීමක් අලවන විටත් අසවල් පුද්ගලයා විසින් මුද්‍රණය කළා යැයි සඳහන් කළ යුතුව තිබෙන නමුත් දැන් එවැනි වගවීමක් තිබේදැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඔන්ලයින් පනතට තවත් නීති ඇතුළත් කළ යුතුව තිබෙන අතර පනතින් භාෂණයේ නිදහසට කිසිම හානියක් නොවන බවත් සෑම පුරවැසියෙක්ටම තිබෙන භාෂණයේ නිදහස ආරක්ෂා කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.