23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentකිලිනොච්චියේ මාරක රිය අනතුරක් - අයෙක් මරුට

කිලිනොච්චියේ මාරක රිය අනතුරක් – අයෙක් මරුට

බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යාපනය සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් හා වෑන් රථයක් කිලිනොච්චියේ අනයිරවූ ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද (24) අලුයම 04 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ සිටි ගවයින් රංචුවක බස් රථය ගැටී එය රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටීඉමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ 08 දෙනා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතරඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.