30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 21,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත්තේ.

කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියා සිටියේ වර්තමානය වනවිට පෞද්ගලික අංශ සේවක වැටුප් ගැටලුව දැඩිව මතුවී ඇති බවයි.

දැනට රුපියල් 12,500ක් වූ පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් 21,000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යාංශය යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.