― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබදු අංකය ලබාදීමට නව ක්‍රමවේදයක්

බදු අංකය ලබාදීමට නව ක්‍රමවේදයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී ඇති බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන, ඔවුන්ව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නීතිමය ගැටලු රහිත ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරනු ඇති.

Online මගින් බදු ලියාපදිංචි අංකය ලබා ගැනීමට වඩා පහසු ක්‍රමයක් සැකසීම මෙහි අරමුණ වී තිබෙනවා.