කිලිනොච්චිය ප්රදේශයේ බැංකු සේවිකාවක් හා ඇයගේ ස්වාමි පුරුෂයා විසින් වයෝවෘද්ධ පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ හයක පමණ මුදලක් වංචා කොට ඇති බවට කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
මෙම වයෝවෘද්ධ පුද්ගලයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ අදාළ කාන්තාව 350,000 ක් හා 250,000 ක් වශයෙන් සිය මුදල් ලබා ගත් බවයි.
ඒ අනුව අදාළ කිලිනොච්චිය පොලිසිය දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා තිබෙනවා.