― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsබෙලිඅත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

බෙලිඅත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට

බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම දැනට විදේශගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ‘කොස්ගොඩ සුජී’ නමැත්තා විසින් සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසළදී පෙරේදා (22) උදෑසන 8.20ට පමණ සුදු පැහැති ඩිෆෙන්ඩරයකින් පැමිණි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා. වෙඩි වැදීමෙන් ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එක් පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වූණේ.

මියගිය පුද්ගලයින් අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් ප්‍රසන්න පෙරේරා ද වන අතර අධිකරණ කටයුත්තක් සදහා ගමන් කරමින් සිටියදීයි ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ.

කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ ඩිෆෙන්ඩර් රථය පසුපස ප්‍රහාරය එල්ල කළ ජීප් රථය ලුහුබදින දර්ශනයක් සී සී ටී වී කැමරාවක සටහන් වී තිබුණා.

වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයින් බෙලිඅත්තේ සිට කඹුරුපිටිය දක්වා ගමන් කර ඇති අතර කඹුරුපිටියේදී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු එම ජීප් රථයෙන් බැස යන ආකාරය ද සී සී ටී වී කැමරාවේ සටහන් වී තිබුණා.

අනතුරුව ජීප් රථයෙන් බැසගිය පුද්ගලයා මාතර බලා ධාවනය වන බස් රථයකට ගොඩවන අයුරුද සටහන් වී තිබෙනවා. මේ වනවිට සැකකරු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බැස්සවූ අදාළ ජීප් රථය අකුරැස්ස හරහා දෙණියාය ප්‍රදේශයට ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.