26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ග නීති කැඩූ රියදුරන් 140කට අවවාද

මාර්ග නීති කැඩූ රියදුරන් 140කට අවවාද

ඊයේ (23) දිනය තුළ CCTV කැමරා නිරීක්ෂණය මඟින් හඳුනාගත් කොළඹ අවට මාර්ග නීති කඩ කළ රියදුරන් 140කට අවවාද කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙහිදී හඳුනා ගත් වැරදි අතර තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීම යන වැරදි නිරීක්ෂණය වූ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම CCTV ජංගම රථ මගින්ද කොළඹ නගරයේ හඳුනාගත් ස්ථානවල නඩු ලබාගැනීම ආරම්භ කරඇති අතර ඉදිරියේදී අනෙකුත් නගරවලටද ජංගම රථ යොමු කර නඩු ලබාගැනීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.