29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියට ඔත්තු දෙන අයට මුදල් තෑගි

යුක්තියට ඔත්තු දෙන අයට මුදල් තෑගි

නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුයට ගැනීම් සිදුකර අතර ඒ සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට තීරණය කර ඇති බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ.

එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතය.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.